සැන්දෑ යාමේ සොබාදහමේ
සුන්දරත්වය විදින්නට ආසයි නේද ?
සිරුරෙන් දාබිදු වැටෙන වෙලේ ....
විල් තෙර රළ සිප ඔබ එනවා
සිහිළැල් පවනක් වී
සැන්දෑ බටහිර අහසේ
වියළුනු හිරු බැසයන මොහොතේ.... විල් තෙර සිට පාවී එනවා
මල් මුවරද සිප ඔබ එනවා
ඔබ පායාවිත් අහස් කුසේ
සුන්දර තරු රටා මවනවා