Saturday, January 21, 2012

අරුණ උදාවයි .......

අරුණ උදාවනතුරු මග බලා සිටියේ                                                                                      සොබා සුන්දරත්වය විදින්නටයි .......
 
 
විකසිත වන්නට මලක් වෙලා 
අරුනල්ලක් සේ එන්න ගලා
හිනැහී ඉන්නට දොළක් වෙලා
දිය දහරක් සේ එන්න ගලා .....
 
මල් ගොමු පුදින උදෑසනේ 
සුවදක් වෙමි මම වසන්තයේ 
පාවී එනු මැන එවන් සදේ 
හස රැල්ලක් සේ හෙමින් සැරේ .....
 
ගෝපලු වන පෙත ලිය පතරේ  
රොන් සුනු මතුයේ බිගු මිහිරේ 
කෝකිල කුන්චනයක් සේ එනු මැන
උදානයක් වී යව්වනයේ ...... 

No comments:

Post a Comment