වැහි පොදේ තෙමි තෙමී ජීවිතේ හෙට දවස දකින්නට මේ මාවතේ එන්න
අඳුරු වී අහස් කුස
හීන් පොද වැටෙනවා
ගහ කොලද ඒ පහස
විඳින්නට බලනවා....
වැහි බින්දු එකින් එක
මහා පොළව තෙමනවා
කඳු මැදින් මං සොයා
දිය ඇල්ල ඇදෙනවා....
ගල් කුලේ හැපි හැපී
කිරි සිනා නගනවා
මල් කැළුම් සලන්නට
මග බලා ඉන්නවා....
හෙට දවස ජීවිතය
ගඟක් වී ගලනවා
හෙටත් වැහි වහින තුරු
දෙරණ නෙතු යොමනවා....
හීන් පොද වැටෙනවා
ගහ කොලද ඒ පහස
විඳින්නට බලනවා....
වැහි බින්දු එකින් එක
මහා පොළව තෙමනවා
කඳු මැදින් මං සොයා
දිය ඇල්ල ඇදෙනවා....
ගල් කුලේ හැපි හැපී
කිරි සිනා නගනවා
මල් කැළුම් සලන්නට
මග බලා ඉන්නවා....
හෙට දවස ජීවිතය
ගඟක් වී ගලනවා
හෙටත් වැහි වහින තුරු
දෙරණ නෙතු යොමනවා....
No comments:
Post a Comment