Saturday, January 21, 2012

සඳ රේකාවක් සේ පායාවිත් .....

සැන්දෑ යාමේ  සොබාදහමේ                                                                                            
සුන්දරත්වය විදින්නට ආසයි නේද ?
මද්දහනේ ගිනිගත් පොළවේ
සිරුරෙන් දාබිදු වැටෙන වෙලේ ....
විල් තෙර රළ සිප ඔබ එනවා
සිහිළැල් පවනක් වී

 සැන්දෑ බටහිර අහසේ  
 වියළුනු හිරු බැසයන මොහොතේ....
විල් තෙර සිට පාවී එනවා
මල් මුවරද සිප ඔබ එනවා

ඔබ පායාවිත් අහස්‌ කුසේ
සුන්දර තරු රටා මවනවා

අරුණ උදාවයි .......

අරුණ උදාවනතුරු මග බලා සිටියේ                                                                                      සොබා සුන්දරත්වය විදින්නටයි .......
 
 
විකසිත වන්නට මලක් වෙලා 
අරුනල්ලක් සේ එන්න ගලා
හිනැහී ඉන්නට දොළක් වෙලා
දිය දහරක් සේ එන්න ගලා .....
 
මල් ගොමු පුදින උදෑසනේ 
සුවදක් වෙමි මම වසන්තයේ 
පාවී එනු මැන එවන් සදේ 
හස රැල්ලක් සේ හෙමින් සැරේ .....
 
ගෝපලු වන පෙත ලිය පතරේ  
රොන් සුනු මතුයේ බිගු මිහිරේ 
කෝකිල කුන්චනයක් සේ එනු මැන
උදානයක් වී යව්වනයේ ...... 

Friday, January 20, 2012

නෙතු යොමන්නට ආසයි......

 පරිසරයේ සුන්දර තැන් රසවිදින්නට                                        ඔයාලත් එන්න........


අහස් කුස සිපගන්නට සැරසෙන කදු මුදුන් දෙස,
නෙතු යොමන්නට ආසයි....  මොහොතකට
කදු හෙල් මැදින් පහළට ඇද හැළෙන දිය ඇලි දෙස,
නෙතු යොමු කරන්නට ආසයි......  මොහොතකට
ගල් කුළු වල හැපී හැපී  පහළට    දිවයන,                                                       ඇලේ නටන දන්දී  පැටවූ  දිහා  බලන්නට ආසයි....මොහොතකට
     
                      සිත් සතුටින් පිරි ඉතිරී ගියාසේ, මටත් සිතේ  දැන්නම්
                   ඔබේ සිතටත් එවන් සතුටක් දැනෙනවා නේද?




හීන් පිනි වැස්ස.....




වැහි පොදේ තෙමි තෙමී ජීවිතේ හෙට දවස දකින්නට මේ මාවතේ එන්න 


අඳුරු වී අහස් කුස
හීන් පොද වැටෙනවා
ගහ කොලද ඒ පහස
විඳින්නට බලනවා....
වැහි බින්දු එකින් එක
මහා පොළව තෙමනවා
කඳු මැදින් මං සොයා
දිය ඇල්ල ඇදෙනවා....
ගල් කුලේ හැපි හැපී
කිරි සිනා නගනවා
මල් කැළුම් සලන්නට
මග බලා ඉන්නවා....
හෙට දවස ජීවිතය
ගඟක් වී ගලනවා 
හෙටත් වැහි වහින තුරු
දෙරණ නෙතු යොමනවා....

ඔබ එන්න.....

සැනසුම් සුසුම් හෙලමින් සැමදා දෙනෙත් රිදෙන තුරු මගබලා සිටින ඇයගේ සිත සනසන්නට හනික එන්නැයි කරනු ලබන ආයාචනයයි මේ.....

                                                                                                                                                                        උදය ඔබ පැමිණෙන්න
                        හිරු දවාලයිද ඇය
                        නමුදු සිත සනසන්න
                        තව පමා නොව එන්න...
                        මල් කුමරි සනසන්න
                        ඇගෙ පහස විඳගන්න
                        කඳුළු වියැකී යන්න
                        අළුයමම පැමිණෙන්න.
..

Saturday, January 7, 2012

‍සොබාදහමේ සුන්දරත්වය ව්දින්න එන්න.

 



ගස් වැල් හැප්පි හැප්පී එක‍ට එන මද සුළග ගැන මතක් කරන්න‍කෝ..............    මොනවද ‍ඔයාට දැනෙන්නේ, ‍මොනවද ඔයාට හැගෙන්නේ,      මගේ හිතට  ගොඩක්ම ලොකු සැහැල්ලුවක් දැනෙනවා.            වචනයෙන් කිව නොහැකි තරම් සැහැල්ලු හැගීමක්.....
කියා ගන්න, ලියා ගන්න, තේරෙන්නේ  නෑ .මට
එත් ,මට යමක් ලියන්න පුලුවන් කියලා හිතුණා. අපේ පණත් හරි ,ස්වභාවධර්මයත් හරි ,අපේ ව‍චනයෙන් ම කිවතොත් එකට එක කැපෙනවා. ආසයිද ?මේ ගැන තවදුරටත්...රසවිදින්න.  තවඉදිරියටත් යමුද?